Gossips

ශ්‍රී ලංකා වේග පන්දුව ඉදිරියේ නවසීලන්ත පළමු ඉනිම කඩා වැටෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ය ක්‍රයිස්චර්ච් හිදී අද ආරම්භ වූ දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50ක් තුල ලකුණු 178කට දැවී ගියා.
එහිදී ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන්ට තර්ජනයක් වූ සුරංග ලක්මාල් නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවේ පන්දුවාර 19ක් යවා ලකුණු 54ක් පමණක් ලබාදෙමින්.
අනෙක් අන්තයෙන් ඔහුට අනගි සහයක් ලබාදුන් ලහිරු කුමාර නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමුවා.
නවසීලන්තය වෙනුවෙන් තරමක් හෝ සාර්ථක වීමට හැකියාව ලැබුනේ ටීම් සවුති, රෝස් ටේලර් සහ ජෝන් වොට්ලින්ට පමණයි.
ඔවුන් තිදෙනා පිළිවෙලින් ලකුණු 68ක් 27ක් සහ 46ක් රැස් කළා.
අනෙකුත් කිසිඳු නවසීලන්ත පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.