Gossips

චන්දිමාල්ගේ තීරණයට ශ්‍රී ලංකා වේග පන්දුවෙන් සාධාරණයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය මේ වනවිට පැවැත්වෙනවා.
තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදීයි.
මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
චන්දිමාල්ගේ තීරණයට සාධාරණයක් ඉටුකරමින් නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් තුල ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුණා.
වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් නවසීලන්ත මුල්පෙළ කඩුලු 04ක් මේ වනවිට බිඳහෙලා තිබෙනවා.
පළමු තරඟය ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත වෙනුවට අද තරඟයේදී රොෂේන් සිල්වා සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
තරඟයේ නවසීලන්ත පළමු ඉනිම ක්‍රයිස්චර්ච් පිටියේ මේ වනවිටත් ක්‍රියාත්මකයි.