වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක සංකේත වර්ජනයේ වෙනසක් නොමැති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙම වර්ජනයට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටින බවයි.
වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට දින දෙකක කාලයක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේ ඉල්ලීම් සිදුකළ පමණින් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට සූදානම් නොමැති බවයි.