Gossips

කුඩාවැල්ලේ සිද්ධියට 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් පවසනවා.
තංගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ එම ප්‍රකාශ ඔස්සේ වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි.
කෙසේ වෙතත්, ඉදිරි විමර්ශන කටයුතු හේතුවෙන් එම තොරතුරුවල රහස්‍යභාවය තවදුරටත් ආරක්ෂා කිරීමට සිදුවන බව ද එම නිලධාරියා සඳහන් කළා.
ඊයේ උදෑසන 7.15ට පමණ කුඩාවැල්ල ධීවර වරායට ෆුල් ෆේස් හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා.