Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මව මරුට – පියා සහ දරුවන් 3 දෙනාට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව මිය ගොස් පියා සහ දරුවන් තුන් දෙනා තුවාල ලැබුවා.
සිද්ධියෙන් මිය ගිය මවගේ වයස අවුරුදු 48ක් වන අතර ඔවුන් ගාල්ල, වලගස්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අලූයම 1.05ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය පදවාගෙන ගිය පියාට නින්ද යාම හේතුවෙන් අසළ තිබූ කණුවක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 4 දෙනෙකු කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එක් ගැහැණු ළමයෙකු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව නාගොඩ රෝහලටම මාරු කර යැවුණා.
පසුව එම 14 හැවිරිදි මෙම ගැහැණු දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.