Gossips

සුනාමියට වසර 14 යි – මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක්

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගත් ජාතික සුරක්ෂිතා දිනයද අද සැමරෙනවා.
සර්ව ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කර ගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජිවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් රැසක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද උදෑසන 9 ට හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.
සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන අද දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් මෙම නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.