Gossips

කුලියාපිටියේ නිවසක හදිසි ගින්නක්

කුලියාපිටිය පහල පිදුම ප්‍රදේශයේ නිවසකට, නිවැසියන් එහි සිටියදීම කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.
දිවි බේරා ගත් නිවැසියන් සිද්ධිය සම්බන්ධයෙන් සිය සහෝදරියට චෝදනා කරනවා.
මෙම නිවස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ පසුගිය ඉරිදා රාත්‍රියේයි.
ඒ අවස්ථාවේ නිවස තුළ තුන් හැවිරිදි දියණියක් ද සිට තිබෙනවා.
එක් වරම නිවස පිටුපසින් ගිනි ජාලාවක් ඇති වීමත් සමඟ මව සහ පියා දියණිය සමඟ දිවි බේරා ගෙන ඇත්තේ ඉදිරි දොරින් පිටත පැනීමෙන්.
කෙසේ වෙතත් දැරියගේ පාදයක් පිලිස්සීම හේතුවෙන් ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.