Gossips

අන්තර්ජාල සහ දුරකථන අපරාධවල ඉහළයාමක්

අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන අපරාධවල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදුකරනු ලබන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පිහිටවූ ඒකකය විවෘත කිරීමේ උත්සවයකට ඊයේ මාතරදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙවැනි ඒකක දිවයිනේ පළාත් 9 ම ආවරණය වන අයුරින් පිහිටුවීමට නියමිතයි.
මෙහි පළමු ඒකකය පිහිටවනු ලැබුවේ මධ්‍යම පළාතේ වන අතර, දෙවන ඒකකය ඊයේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මාතරදී විවෘත කෙරුණා.
මෙහි තුන්වන ඒකකය උතුර පළාත කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පිහිටුවීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා එහිදී සඳහන් කර සිටියා.