එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර බෙදාගැනීමේ බරපතල අර්බුදයක් උද්ගතව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොට්ටාව – මත්තේගොඩ ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.
