Gossips

ත්‍රිකුණාමලය රෝහල් භූමියෙන් අදත් කාලතුවක්කු කොටසක් මතුවෙයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුත්තක් අතරතුර අද (23) යළිත් වරක් පැරණි කාලතුවක්කු කොටසක් හමුවී තිබෙනවා.
රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයක් විසින් ඩෝසර් යන්ත්‍රයක් ආධාරයෙන් අත්තිවාරමක් කපමින් සිටියදී මෙම පැරණි කාලතුවක්කු කොටස හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනතුරුව එම ඉදිකිරීම් කටයුතු ද තාවකාලිකව නවතා දමා ඇති අතර, මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය මගින් පරීක්ෂණයක් ද සිදුකරනවා.
ත්‍රිකුණාමලය මහරෝහලේ ඉදිකිරීම් කටයුතු අතරතුර පසුගිය සඳුදා ද කාලතුවක්කු කොටසක් හමුවී තිබුණා.