Gossips

කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් 11ක්

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් කණ්ඩායම් 11ක් මේ වන විට යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
වාද්දුව පොලිස් ස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා.