Gossips

සරල දිවියකට හුරු වන්න – පාප්වහන්සේ නත්තලේදී ඉල්ලයි

මිනිසුන් අතර පවතින දුප්පත්, පොහොසත් භේදය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ශුද්ධෝත්තම අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ රෝමයේ වතිකානුවේ ශාන්ත – පීතර බැසිලිකාවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවති ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින්.
ලොව පුරා කිතුණු භක්තිකයින් රැසක් ඒ සඳහා එක්ව සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.
ප්‍රධාන දේශනය සිදුකරමින් උන්වහන්සේ කියා සිටියේ උදා වූ නත්තලේ සියළු ලෝකවාසීන් සාමයෙන්, සමාදානයෙන් බෙදා හදාගෙන ජීවත් විය යුතු බවයි.
සරල දිවියකට හුරුවන ලෙසද පාප් වහන්සේ මෙහිදී ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළා.
මීට අමතරව ජේසුස් වහන්සේගේ උත්පත්තිය සනිටුහන් කෙරෙන ඊශ්‍රායලයේ බෙත්ලෙහෙමේදී තවත් දේව මෙහෙයක් පැවැත්වුණු අතර ඊට ද විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇමරිකාව, යුරෝපය, ආසියානු රටවල මෙන්ම ඕස්ට්‍රේලියානු මහද්වීපයේ රටවල්වල කිතුණු බැතිමතුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වූ නත්තල උත්සවශ්‍රීයෙන් සමරන ආකාරය දක්නට ලැබුණා.