Gossips

සාමාන්‍ය පෙළ ඇගයීම්වලින් ඉවත්වීමට ගුරු සංගමයක් සැරසේ

පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ගණිතය විෂයට අදාල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට ගෙවනු ලබන මුදල් අඩු කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
මේ අතර, හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.
ඊට හේතු වී ඇත්තේ මොවුන්ගේ ගැටළුව විසදන බවට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග දැනුම් දීම හේතුවෙන්.
ගැටළු වීසදීමට දින දෙකක කාලයක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබෙනවා.
දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු විසදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙනුයි දුම්රිය වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවේ.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක සංකේත දුම්රිය වර්ජනයක් සිදුකිරීමට මෙලෙස තීරණය කළ ද අමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව එම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (26) පෙරවරුවේ රැස්වන වෘත්තීය සමිති විධායක සභාවේදී තීරණයක් ගන්නා බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ.