Gossips

තවදුරටත් උතුරට වැසි

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,265 කට අයත් පුද්ගලයින් 74,793 ක් තවමත් පීඩාවට පත්ව සිටිනවා.
අවතැන් කඳවුරු 39 ක පුද්ගලයින් 11,310 සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
තවදුරටත් රාජාංගණය සහ ඉරණමඩු ජලාශවල වාන් දොරටු විවෘතව පවතිනවා.
දිවයිනට බලපෑ ඇති ඊසානදිග මෝසම් කාලගුණය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළදීත් උතුර, නැගෙනහිර, සහ උතුරුමැද පළාත් වලට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.