Gossips

කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ ඇරඹේ

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මෙම විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අද පෙරවරු 7.15ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී – 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඉන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 5 දෙනෙකු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
ධීවරයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුනක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලීසිය සැක කරනවා.