Gossips

මෙලොව එළිය නොදුටු ජීවිත 112ක් සමඟ නාඔටුන්නේදී කොටුවූ පුද්ගලයා (ඡායාරූප)

නාඔටුන්න – කොට්ටේගොඩ මුහුදු තීරයෙදි කැස්බෑ බිත්තර 112ක් සමඟ පුද්ගලයකු මිරිස්ස වන ජීවි කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිස්ස වන ජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ (24 ) රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් සැකකරු 59 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න