තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී – 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
තුවාල ලැබූවන් මේ වන විට තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කුඩාවැල්ල ධීවර වරායේ කටයුතුවල නිරත දෙපිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ.
Update :-  Tuesday, December 25, 2018,8.46 am
————————————————————-
තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි පත්තුවෙයි
තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
තුවාල ලැබූවන් මේ වන විට තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



