Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 373ක් වෙයි

ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පුද්ගලයින් 1459ක් තුවාල ලබා ඇති අතර, අතුරුදන් වූ සංඛ්‍යාව ද 128 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
පසුගිය සෙනසුරාදා අළුයම ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දිවයින් අතර ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කරන සුන්දා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනි කන්දේ සිදුව ඇත්තේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක් සිදුවීම හේතුවෙනුයි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වූයේ.
මෙම සුනාමි තත්ත්වයට හේතුව 2012 වර්ෂයේ සිට එරට සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතීම බව එරට රජයේ උසස් නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබුණා.