Gossips

කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක්

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
අද (25) උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී – 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
මෙම ධීවර වරායේ කටයුතුවල නිරත දෙපිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ.