Gossips

පෑනක හැඩයකින් යුත් පිස්තෝලයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

කටුනායක – හීනටියන ප්‍රදේශයේදී පෑනක හැඩයකින් යුත් පිස්තෝලයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (24) සිදුකරන ලද වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.
මෙම ගිනි අවිය කෙසේ නිෂ්පාදනය කළේ ද යන්න පිළිබදව මෙතෙක් අනාවරණ වී නැහැ.