Gossips

විෂය පථයන් ගැසට් කිරීම කල් යයි

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා.
විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කිරීමටයි මීට පෙර රජය තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත්, එය තව දින කිහිපයක් කල් යනු ඇති බවටයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.