Gossips

බස් ගාස්තු සියයට 4කින් අඩු කෙරේ – අවම ගාස්තුවේ වෙනසක් නැහැ – ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් ගාස්තුවත් පහළට

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4කින් බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟ වී තිබෙනවා.
ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
කෙසේ වෙතත්, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.
මීට අමතරව අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තු ද සියයට 4කින් අඩු කර තිබෙනවා.
එමෙන්ම ත්‍රිරෝද රථ ගාස්තුව ද පළමු කිලෝමීටරය රුපියල් 10කින් අඩු කිරීමටයි එකඟ වී ඇත්තේ.
පාසල් ප්‍රවාහන රථ ගාස්තු ද සියයට 3කින් පහත දමා තිබෙනවා.