Gossips

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් යළි සිපිරිගෙට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් නැවත බන්ධනාගාරගත කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය අද තීන්දු කළා.
ඒ, දූෂණ චෝදනා මත සිදුකළ නව නඩු විභාගයකදී ඔහුට සත් වසරක සිර දඬුවම් නියම වීම හේතුවෙන්.
මීට පෙර ද එලෙස බන්ධනාගාරගත කෙරුණු නවාස් ශරීෆ් පසුගිය සැප්තැම්බරයේදී ඉස්ලාමාබාද් මහාධිකරණය මගින් මුදා හරිනු ලැබුවා.
ඉන් අනතුරුව පැවති මැතිවරණයෙන් නවාස් ශරීෆ්ගේ ඉස්ලාමීය ලීගය පරාජයට පත්වූ අතර, ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බලයට පැමිණියා.
නවාස් ශරීෆ්ට අද සිර දඬුවම් නියම කර ඇත්තේ ප්‍රකාශිත වත්කම් ඉක්ම වූ ආයෝජන සිදුකිරීම හේතුවෙන්.