Gossips

බස්නාහිර පළාතේ මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20ක්

බස්නාහිර පළාත තුළ මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20කට වඩා වැඩි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ඩෙංගු වසංගත තත්ත්වයක් අවම කිරීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් මස 13 සහ 14 යන දෙදින තුළ විශේෂ වැඩසටහනක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුණා.
එහිදී ස්ථාන 57,657ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් 12,471ක මදුරුවන් බෝවීමේ අවදානමක් පැවති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.
ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව මෙය ක්‍රියාත්මක කළා.