Gossips

තත්පරයෙන් තත්පරය නොපෙනී යන යළි කිසිදිනක දකින්න නොලැබෙන නගරය

මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගහවෙල නගරය මේ වනවිට ජලයෙන් යට වෙමින් පවතිනවා.
නගර මධ්‍යයේ පිහිටි රජයේ ගොඩනැගිලි රැසක් ඉවත් නොකිරීම හේතුවෙන් ඒවා ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙමින් පැවතීම විශේෂත්වයක්.
නගර මධ්‍යයේ පිහිටි රජයේ රෝහල තවමත් දෙපැත්තෙන්ම ජලයෙන් යටවී ගොඩනැගිලි පමණක් ඉතිරිව තිබෙනවා.
මීට පෙර ජනාකීර්ණව පැවති එම නගරයේ පදිංචිකරුවන් සියල්ලන් මේ වනවිට ඉවත් වී ඇති බව එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා.
කෙසේවෙතත් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝන්ගහවෙල නගරය තව දින කිහිපයක් ගතවෙද්දී මොරගහකන්ද ජලාශයට සම්පූර්ණයෙන්ම යට වෙනු ඇත.
වසර දහස් ගණනක සිට ජනාවාසව තිබූ මෙම ප්‍රදේශය නැවත මේ අයුරින් දැකගැනීමට නොහැකිවනු ඇත.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)