Gossips

දිවයින පුරා දුම්රියෙන් පාර්සල් බෙදීම නවතී

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් අතර පවතින ගැටළුවක් හේතුවෙන් දිවයින පුරා දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීම නතර වී තිබෙනවා.
දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී පවතින ක්‍රියාදාමයට එරෙහිව ස්ථානාධිපතිවරුන් කටයුතු කිරීම හේතුවෙනුයි මෙලෙස නියාමකවරුන් පාර්සල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.
වසර 2 ක් පුරා පැවති මෙම ගැටළුව මේ වනවිට උග්‍ර තත්වයකට පත්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරවරු 10 ට දුම්රිය දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවයි දුම්රිය වෘත්තීය සමිති නියෝජිත ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම ගැටළුව හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවල පාර්සල් 4,000 කට වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.