Gossips

ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වූ නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම අවසන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව මේ වනවිට අවසන් වී තිබෙනවා.
දේශපාලනමය ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 9 ට නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී ආරම්භ වුණා.
ඒ සඳහා විධායක සභාවේ සියලූම දෙනා සහභාගි වූ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.