Gossips

ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය වසර 6 ක සිට අක්‍රියයි

පුද්ගලයින් 281 දෙනෙකුට මරු කැදවමින් ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමි තත්ත්වයෙන් වැඩි හානියක් සිදුවීමට හේතුව එරට සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතීම බව එරට රජයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ 2012 වසරේ සිට මෙම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියා විරහිත වී ඇති බවයි.
ඒ අනුව මෑත වසර 6 තුළ සිදුවූ සුනාමි ව්‍යසනයන්ගෙන් වැඩි හානි සිදුවීමට මෙම තත්ත්වය ඍජුව බලපා තිබෙනවා.
මුදල් සහ තාක්ෂණික ගැටළු හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අලූත්වැඩියා කිරීමට නොහැකි වූ බවද ඉන්දුනීසියානු රජයේ උසස් නිලධාරියා හෙළි කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.