Gossips

බස්රථයක ගැටී වන අලියෙකු මරුට (ඡායාරූප)

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව ප්‍රදේශයේදී බස්රථයක ගැටී වන අලියෙකු මියගොස් තිබෙනවා.
සෙල්ලං කන්දල් රක්ෂිතය ආසන්නයේදී වන අලියා ගැටීම හේතුවෙන් මන්නාරම සිට කොළඹ බලා ධාවනය වු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අද අලූයම සිදුවු මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වන අලි මාරුවන ප්‍රදේශයක් බවට පුවරු සවිකර තිබියදි රියදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවට පොලිසිය සැක පළ කරනවා.

හලාවත – ජූඩ් සමන්ත