Gossips

මොණරෙක් නිසා පොලිස් කූඩුවට ගිය වෙන්නප්පුවේ පුද්ගලයා

මොණරෙකුට වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට
වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේදී මොණරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.
වගා ආරක්ෂාව සඳහා ලබාගත් බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර හම්බන්තොට – උණුදිය උල්පත – මහාපැලැස්ස ප්‍රදේශයේ නිවසක ඉත්තෑ මස් ළඟ තබාගත් පුද්ගලයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.