Gossips

රට ම කතාවෙන තෙල් වර්ජනයේ ඇත්ත නැත්ත ?

වසර 3 කට වරක් තෙල් සංස්ථා සේවකයින්ට ලබාදෙන වැටුප් වැඩි කිරීම තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගම් සේවකයින් සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පෙරේදා රාත්‍රියේ පැවති (21) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් අනතුරුව තම ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, තෙල් සංස්ථා සේවකයින්ට ලබාදුන් වැටුප් වැඩිවීම ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගම් සේවකයින්ට ද ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන්.