Gossips

අම්ජාඩ් ජාවෙඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

එක්සත් අරාබි එමීර් ක්‍රිකට් කණ්ඩායමේ නායක අම්ජාඩ් ජාවෙඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
38 වන වියේ පසුවන ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් අපහසුුවෙන් වුවද ක්‍රිකට් පිටියට සමුදීමට තීරණ කළ බවයි.
එක්දින තරග 15කට සහ පන්දුවාර විස්සයි විස්ස තරග 22ක් සඳහා අම්ජාඩ් ජාවෙඩ් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදී තිබෙනවා.