Gossips

ආදාහනයක් අතරතුර ගින්නකින් 5කට තුවාල

අනුරාධපුර – කැබිතිගොල්ලෑව – වත්තේවැව ප්‍රදේශයේ ආදාහනයක් අතරතුර ඇති වූ ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වත්තේවැව ප්‍රදේශයේදී අද (23) මෘත ශරීරයක් ආදාහනය සඳහා භූමි තෙල් ගැලුමක් එම ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේදී ඊට ගිනි ඇවිලී මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූවන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.