Gossips

බස් සහ ත්‍රිරෝද රථ ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී බස් ගාස්තු අඩුකිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී බස් සංගම් සමඟ සාකච්ඡා කරන බවයි වේයන්ගොඩ ප්‍රදේශයේ අද (23) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර, ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් කොළඹ අද (23) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.