වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා.
ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කළ යුත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට හිමි අමාත්‍ය ධුරවලට අමතරව බව එක්සත් ජාතික පෙරමුණු රජයේ අදහසයි.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ 19 වන සංශෝධනය යටතේ ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් දක්වා ඇති බවයි.
මේ අතර 2019 මැතිවරණ දෙකක් පැවැත්වෙන වසරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මීගමුව – පිටිපන ප්‍රදේශයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.