Gossips

ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 168 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව 168 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ තවත් 30 දෙනෙකු අතුරුදන්වී ඇති අතර, 745 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉන්දුනීසියාවේ දකුණු දිග සුමාත්‍රා වෙරළට සහ ජාවා දිවයිනේ බටහිර කෙළවරට සුනාමිය බලපා ඇති බව සඳහන්.
සංචාරකයන් අතර ප්‍රකට බටහිර ජාවා ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බව සඳහන්.