Gossips

කුරුවිට බන්ධනාගාරය තුළදී රැඳවියෙකු ගෙළ වැළලාගනී

කුරුවිට බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන සිටි රැඳවියෙකු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගත් මෙම 22 හැවිරිදි රැඳවියා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔහු රුවන්වැල්ල – පොලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.