Gossips

නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ 9 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 9 දෙනෙකු ස්ථාන දෙකකදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඌරුබොක්ක – කැකුන්දෙණිය දොළ රක්ෂිතයේදී කැණීම් කළ පුද්ගලයන් 6 දෙනෙකු සමඟ ඊට යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ පස්වරුවේයි.
ඔවුන් ඌරුබොක්ක අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
එමෙන්ම හිඟුරක්ගොඩ – උණගලාවෙහෙර පන්සල අසළ ඉඩමක බැකෝ යන්ත්‍රයකින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
පොළොන්නරුව පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පිරිස සමඟ බැකෝ යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.