Gossips

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මරුට

වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ඩී. මංජු මිය ගොස් තිබෙනවා.
අද (23) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල නගරයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර, එහි සිටි පිරිස එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බව සඳහන්.
එහි දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් ඩී. මංජු නැමැත්තා මිය ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.