Gossips

ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියේ මරණ සංඛ්‍යාව ඉහළට

ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී වෙරළාසන්න ප්‍රදේශවල තවත් 584 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ.
ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දිවයින් අතර ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කරන සුන්දා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනි කන්දේ සිදුව ඇත්තේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක්.
අනක් – ක්‍රැකටෝවා ගිනිකන්ද දූපතක් ලෙස මතුවී ඇත්තේ 1883 වසරේ ක්‍රැකටෝවා ගිනි කන්දේ සිදුවූ මහා කම්පනයෙන් අනතුරුවයි.
පුර සඳේ බලපෑමෙන් වඩදිය රැල්ල උත්සන්න වීමද හානිය ඉහළ යෑම හේතුවී ඇති බව සඳහන්.