Gossips

ඥානසාර හිමියන්ගෙන් අලූත් සන්ධානයක්

කතෝලික, හින්දු, මුස්ලිම් ප්‍රජාව සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ පවසනවා.
උන්වහන්සේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරභාරයට පත්වූයේ බොදුබල සේනා සංවිධානය සහ මුස්ලිම් ප්‍රජාව එක්ව ජාතිවාදී ගැටුම් දුරලමින් සුහදතාව වර්ධනය කරමින් පැමිණි මොහොතක බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මෙහිදී සඳහන් කළා.
ඔහු මේ බව කියාසිටියේ බන්ධනාගාරගතව සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී.
අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් වීමසීම සඳහා මුස්ලිම් සංවිධාන කිහිපයක සහ බොදු බල සේනා සංවිධානයේ නියෝජීතයින් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.