Gossips

සෝමාලියාවේ ජනපති නිල නිවස අසල බෝම්බ ප්‍රහාරයක්

සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර පිහිටි ජනාධිපති නිල නිවස ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අල්ෂබාබ් සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පළමු ප්‍රහාරයෙන් අනතුරුව තවත් පිපිරීමක් ද සිදුව ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.