Gossips

ගංජා සමඟ දෙදෙනෙකු ඉමදුවේදී අත්අඩංගුවට

රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වඩා වටිනාකමින් යුත් ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉමදුව පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ගාල්ල ඉමදුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව උපාය දුතයෙක් යොදාගනිමින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ මෙම ගංජා තණමල්විල ප්‍රදේශයේ සිට රැගෙන විත් මෙහිදී අලෙවී කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
මෙහෙයුම සිදුකල ආකාරය සහිත වීඩියෝව පහතින්..