Gossips

ඇමරිකානු යුද නෞකාවක් කොළඹ වරායේ

ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. රුෂ්මෝර් යුද නෞකාව සුහද චාරිකාවක් සඳහා ඊයේ (21) කොළඹ වරායට සේන්දු වුණා.
එය නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරීන් විසින්.
මීටර් 185ක් දිගැති ටොන් 18,000ක් බර මෙම නෞකාවේ ඇමරිකානු නාවික භටයන් සහ නිලධාරීන් 380 දෙනෙකු පැමිණ තිබෙනවා.
ඔවුන් දිවයිනේ සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශවල සංචාරයන් හි නිරත වනු ඇති.
රුෂ්මෝර් යුද නෞකාව දින 6ක් කොළඹ වරායේ රැදී සිටින අතර නත්තල් දිනට පසුදින දිවයිනෙන් නික්ම යනු ඇති.