Gossips

21 දෙනෙකුට මරු කැඳවූ නේපාලයේ බස් රථ අනතුර

විනෝද චාරිකාවක නිරත වූ පාසල් ළමයින් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් නිරිතදිග නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එය මීටර් 700ක් පමණ ප්‍රපාතයකට ඇද වැටී ඇති අතර, තුවාල ලැබූ 15 දෙනෙකු රෝහල් ගත කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.
පසුගිය සතියේ මධ්‍යම නේපාලයේ නුවකොට් ප්‍රදේශයේදී ට්‍රක් රථයක් මීටර් 400ක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.