Gossips

කාන්තාවක් ඇතුළු හතරක් හෙරොයින් පැකට් 2000ක් සමඟ අත්අඩංගුවට

හෙරොයින් පැකට් 2000ක් සමඟ සිව්දෙනෙක් කළුතර උතුර පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින බවයි වාර්තා වන්නේ.
ලද බුද්ධි තොරතුරක් මත කළුතර – වාද්දගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පුද්ගල ඝාතන සිද්ධියකට මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව සිටින පුද්ගලයෙකු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.