මධ්‍යම රජයේ පුනරාවර්තන වියදම් සඳහා වන අයවැය, කොංග්රස් මණ්ඩලය මගින් අනුමත නොකිරීම නිසා ඇමරිකානු රජය තාක්ෂණික වශයෙන් මේ වන විට අක්‍රිය වී තිබෙනවා.
ඒ අනුව එරට ස්වදේශ කටයුතු, වාණිජ, දේශීය ආරක්ෂක කටයුතු, අධිකරණ, කෘෂිකර්ම සහ රාජ්‍ය දෙපාර්තමේන්තු මෙන්ම වනෝද්‍යානවල සේවකයන්ට ද වැටුප් ගෙවීමට නොහැකි වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිය ඡන්ද පොරොන්දුවක් ලෙස මෙක්සිකෝ දේශසීමාව හරහා ප්රාකාරයක් ඉදිකිරීමට ජනපති ට්‍රම්ප් අයවැයෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 5ක මුදලක් ඉල්ලා තිබෙනවා.
එය අනුමත කිරීමට කොංග්‍රසය එකඟ නොවීම මෙලෙස රජය අක්‍රියවීමට ප්‍රධාන හේතුවක් බව සඳහන්.