Gossips

ඒඩ්ස් සටන ජය ගැනීමේ, පෙර නිමිති

ඒඩ්ස් රෝගයට හේතු වන, එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මුළුමනින්ම විනාශ කළ හැකි ක්‍රමවේදයක් සොයාගත් බව ප්‍රංශයේ පැස්ටර් වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
එමඟින් පෙන්වා දෙන්නේ මෙතෙක් ඖෂධ සංයෝගයකින් විනාශ කළ නොහැකිව තිබූ එච්.අයි.වී. තුරන් කිරීමට හැකිවීම වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රහණයක් බවයි.
වෛරස්නාශක ඖෂධ සංයෝග මගින් ආසාදිත සෛල පාලනය කළ හැකිවුවත් ඒවා මුළුමනින්ම ඉවත් කිරීමට හැකියාවක් පැවතුණේ නැහැ.
එහෙත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයේ ප්‍රධාන ඉලක්කය වන සෛල සංචිත නව ප්‍රතිකර්මය මගින් විනාශ කළ හැකි බවයි පැස්ටර් ආයතනයේ වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වාදී ඇත්තේ.
සෛල පරිවෘත්තිය ක්‍රියා පිළිබඳ ඔවුන්ගේ සොයාගැනීම ප්‍රංශ වෛද්‍ය විද්‍යා සඟරාවක් මගින් ඊයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රතිකර්මය පුළුල් ලෙස භාවිතයට ගත හැකි සැළසුම් මෙතෙක් අනාවරණ කර නැහැ.