Gossips

ලොව විශාලතම මගී ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්සවයි

ලොව විශාලතම මගී ගුවන් යානා විශේෂය වන, ඒ- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (22) අලුයම හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.
ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ගන්නා අතරතුර එහි ගමන් ගත් මගියෙකු හදිසියේම අසනීප වීම නිසා මෙම හදිසි ගොඩබැස්සවීම සිදුකර ඇති බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
අද (22) අලුයම 5.30ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා ඇති අතර එම අවස්ථාවේ ගුවන් මගීන් 490ක් සහ කාර්ය මණ්ඩලය 22 ක් එහි රැඳී සිටියා.
ගුවන් යානයේ සිට අසනීප වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත භාරදීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත යොමුකර තිබෙනවා.
යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් 70000ක් ද ලබාගත් බව ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු සඳහන් කළා.
මෙම සියලු කටයුතු නිම කිරීමෙන් අනතුරුව උදෑසන 7.40ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගුවන් යානය පිටත්ව ගිය බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.