Gossips

කොදෙව් – බංග්ලාදේශ අවසන් විස්සයි විස්ස ගැටුම අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන් වන සහ අවසන් විස්සයි විස්ස තරඟය ඩකා නුවර දී අද (22) පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙකම මේ වන විට ජයග්‍රහණ එක බැගින් ලබමින් සම තත්ත්වයේ පසුවන අතර, තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා අද තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.